පාකිස්තානයෙන් යලි තරග පාවාදීමක්

626
0

පකිස්‌තාන් ක්‍රිකට්‌ ක්‍රීඩකයන් තිදෙනකු තරග පාවාදීම්වලට සම්බන්ධ වූ බවට බ්‍රිතාන්‍ය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

එසේ හෙළි වූ නම් අතර පකිස්‌තාන ජාතික කණ්‌ඩායම නියෝජනය කරන 24 හැවිරිදි සහජිල් ඛාන්ගේ නම ඈදී තිබේ. සහජිල් ඛාන් පකිස්‌තානය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 2 කට, එක්‌දින තරග 48 කට සහ විස්‌සයි විස්‌ස තරග 18 කට සහභාගි වී ඇත.

මීට අමතරව කලීඩ් ලතීෆ් ද පකිස්‌තාන් ප්‍රිමියර් ලීග් තරගාවලියක්‌ අතරතුර තරග පාවාදීම්වලට සම්බන්ධව බව කරුණු අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් පකිස්‌තාන් ක්‍රිකට්‌ ආයතනය අදාළ තරග පාවාදීමට සම්බන්ධ ක්‍රීඩකයන්ට මේ වන විටත් තරග තහනමක්‌ පනවා ඇති අතර තවදුරටත් පරික්‍ෂණ සිදුවෙමින් පවතී.

SHARE