සිය ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්රහණය වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණේ වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්තය මෙවර ලෝක කුසලානයේදී පරාජය කරමින්.
ඇෆ්ගනිස්ථාන ලෝක කුසලානය තරගයක් ජයගත් දෙවැනි අවස්ථාව මෙය බවට පත්වෙද්දී ,ඔවුන් මෙම තරගය ලකුණු 69කින් ජය ගත්තා.
මීට පෙර ඇෆ්ගනිස්ථාන 2015 ලෝක කුසලානයේදී ස්කොට්ලන්තය පමණක් පරදවා තිබුණා.
මෙම තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 284ක් රැස්කර ගත්තා.
රහමනුල්ලා ගුර්බාස් පන්දු 57කින් ලකුණු 80ක් ද ,ඉක්රම් අලිකිහිල් ලකුණු 58ක් ද ලබා ගත්තා.
ආදිල් රෂීඩ් ලකුණු 42කට කඩුලු 3යි.
ජයග්රහණය සදහා ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 40යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 215ක් පමණයි.
හැරි බෲක්ස් ලකුණු 66යි.
මුජීබ් උර් රෙහේමාන් ලකුණු 51කට කඩුලු 3ක් ද,රෂීඩ් ඛාන් ලකුණු 37කට කඩුලු 3ක් ද දවා ගත්තා.
තරගයේ වීරයා මුජීබ් උර් රෙහේමාන්.