ශ්රී ලංකා නැගී එන ක්රිකට් කණ්ඩායමේ පවන් රත්නායක බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරඟයට පෙර සිය පියාගේ අභාවය පිළිබඳ කණගාටුදායක පුවත අසන්නට ලැබෙනවා.
කෙසේවෙතත් මේ යොවුන් ක්රීඩකයා මෙම තරගය ක්රීඩා කිරීමට තීරණය කරන්නේ තම පියාගේ සිහිනය වු තමන් ක්රිකට් ක්රීඩාවෙන් සාර්ථකත්වයට පත්වනු දැකීම බව හොදින්ම දන්නා නිසාවෙන්.
පවන් බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව තරගයේ දී පන්දු 56 කදී ලකුණු 85 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යන්නේ සිය අර්ධ ශතකය තම ආදරණීය පියාණන් වෙනුවෙන් කැප කරමින්.
පවන් ඔහුගේ ආදරණීය පියාණන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්රීයේදී නිවසට පැමිණෙනවා.
අද පිළියන්දලදී සිදු කරනු ලැබු පවන්ගේ පියාණන්ගේ අවසන් කටයුතු වලින් පසු ඔහු යළි ශ්රී ලංකා නැගි එන කණ්ඩායම සමග එක්වීමට ද නියමිතයි.
ඒ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගීවීම සදහායි.