2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ආබාධයකට ලක් වූ මතීෂ පතිරණට ඉතිරි තරග අහිමිව ගොස් තිබෙනවා.
මතීෂ අද යළි දිවයිනට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන අතර ඔහු වෙනුවට ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් කැදවීමට පියවර ගෙන තිබෙනවා.
මැතිව්ස් සංචිතයට එක් කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් අවසර ඉල්ලා තිබෙන අතර එම අවසරය ලද පසු ඔහුට ලෝක කුසලානයේ තරග ක්‍රීඩා කිරීමට හැකියාව පවතිනවා.
අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර බැංගලෝර්හිදී පුහුණු වීම් ද ආරම්භ කර තිබෙනවා.
මැතිව්ස් සංචිතයට කැදවීමත් සමග ඔහු අංක හය ස්ථානයේ ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙන අතර ,මැතිව්ස් පන්දුවාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.