2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාව සමග පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු පරාජයක් පාකිස්ථාන කණ්ඩායම ලැබුවා.
පාකිස්ථානය මෙවර ලෝක කුසලානයේ අඛණ්ඩව ලද සිව්වැනි තරග පරාජය ද මෙයයි.
පාකිස්ථාන කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ රැදී සිටින අතර ශ්රී ලංකා කණ්ඩායම අභිබවා යන්න තිබුණු අවස්ථාව ද පාකිස්ථානයට මේ සමග අහිමිව ගියා.
ශ්රී ලංකාව තරග පහකට සහභාගී වී ප්රසාද ලකුණු 4ක් ලබා ගෙන තිබෙන අතර පාකිස්ථානය තරග 6කට එක්වී ලබා ගෙන ද ඇත්තේ ප්රසාද ලකුණු 4ක් පමණයි.
ශ්රී ලංකා කණ්ඩායමට එක් තරගයක වාසියක් ද පවතිනවා.
මෙම තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 46.4කදී සියලු දෙනා දැවී ලකුණු 270ක් ලබා ගත්තා.
නායක බාබර් අසාම් ලකුණු 50ක් ද, සවුද් ශකීල් ලකුණු 52ක් ද රැස්කළා.
Tabraiz Shamsi ලකුණු 60කට කඩුලු 4ක් ද ,මාර්කෝ ජැන්සන් ලකුණු 43කට කඩුලු 3ක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකාව පන්දුවාර 47.2කදී කඩුලු 9ක් දැවී ලකුණු 271ක් ලබා තරගය ජය ගත්තා.
Aiden Markram ලකුණු 91යි.
ෂහීන් ෂා අෆ් රිඩී ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තා.
මෙම ජය එක්ක දකුණු අප්රිකාව ලෝක කුසලානයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට දකුණු අප්රිකාව සමත් වුණා.