2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් වැලද ගන්නට බංග්ලාදේශ කණ්ඩායමට සිදු වුණා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය පන්දුවාර 50දී සියලු දෙනා දැවී ලකුණු 250ක් ලබා ගත්තා.
නායක ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 68යි.
Shoriful Islam ලකුණු 51කට කඩුලු 2ක් ,ටස්කින් අහමඩ් ලකුණු 43කට කඩුලු 2ක් ,Mustafizur Rahman ලකුණු 36කට කඩුලු 2ක් සහ මෙහෙදි හසන් ලකුණු 40කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශයට පන්දුවාර 42යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 142ක් පමණයි.
පෝල් වැන් මීකරන් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා.
බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයේ අඛණ්ඩව ලද 5 වැනි තරග පරාජය මෙය වන අතර මේ සමග ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ සමාජිකයින් දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
නෙදර්ලන්තය මෙවර එක්දින ලෝක කුසලානයේ ලද දෙවැනි තරගය ජය ද මෙයයි.