2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයෙන් කඩුලු 7ක් පරාජයක් ශ්රී ලංකා කණ්ඩායම වැළද ගත්තා.
මෙම තරග පරාජය එක්ක අපේ රටේ ක්රිකට් ක්රීඩා ලෝලීන් නම් ඉන්නේ ටිකක් විතර කළ කිරීමකින්.
ඒ මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්න ශ්රී ලංකා කණ්ඩායමට නොහැකි වුණා කියලා හිතලා.
හැබැයි ඒක එහෙම නෙමෙයි
තවම ශ්රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්න පුළුවන්.
අනිද්දා ඉන්දියාව සමග තරගය ඊට පස්සේ බංග්ලාදේශය සහ නවසීලන්තය එක්ක තියන තරග 3 අපේ අය ජයගතහොත් දැන් තියන ප්රසාද ලකුණු 4ක් එක්ක අපිට ප්රසාද ලකුණු 10ක් හිමිවෙනවා.
මෙම තරගවලදී අපිට සිදුවෙනවා දළ ලකුණු වේගයත් හොදින් තියා ගන්න එහෙම වුණොත්,ශ්රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්න පොඩි අවස්ථාවක් තියෙනවා.
ඉන්දීයා – දකුණු අප්රිකා, දකුණු අප්රිකා – නවසීලන්ත සහ නවසීලන්ත – පාකිස්ථාන වගේ තරග වල ප්රතිපළය එක්ක ශ්රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්න තවත් අවස්ථාවක් ඉතිරි වෙලා තියෙනවා.