ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය ශූරතාව ඉතිහාසයේ පළමු වරට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල දිනා ගත්තේය.
අවසාන තරගයේ කාසිය වාසිය හිමිකර ගත් පංජාබ් කිංග්ස් නායක ශ්‍රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 9කට ලකුණු 190 ක් රැස්කර ගත්තා.
විරාත් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලැබීමට සමත්විය.
ආර්දීප් සිං සහ කයිල් ජෙමිසන් කඩුලු 3 බැගින් දවා ගන්නට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස්ට සිය පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 184 ක් පමණි.

ශෂන්ක් සිං පන්දු 30කදී හයේ පහර හයක් ද සමඟින් ලකුණු 61 ලබා ගැනීමට සමත් වුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.


ඒ අනුව අවසාන මහා තරගය ලකුණු 06 කින් ජයගෙන 2025 IPL ශූරතාව දිනා ගන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වුණා.
RCB කණ්ඩායම වසර 18කට පසුව IPL ශූරතාව දිනා ගන්නට සමත් විය.
