ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ පිළිබඳව දැනුම් දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල නිවේදනයක් අද ( නොවැම්බර් මස 10 වැනිදා) නිකුත් කරනු ලැබිය.
ICC මණ්ඩලය අද රැස්වී තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම තහනම ගැන cricinfo වෙබ් අඩවිය ආන්දෝලනත්මක වාර්තාවක් දක්වමින් සදහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකාවට මෙම තහනම පැනවීමට කටයුතු කළ බවයි.
එම සටහනයි පහත දැක්වෙයි