2023 එක්දින ලෝක කුසලානයේ මේවන විට වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාවට හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවේ ඩිල්ෂාන් මධුෂංකට හැකියාව ලැබී තිබෙනවා.
ඩිල්ෂාන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ තරග 9 නිමා කරන විට කඩුලු 21ක් දවා ගෙන තිබුණා.
මෙවර ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියවීම ගැන ICCය වෙත අදහස් දක්වමින් ඩිල්ෂාන් මධුෂංක පවසා තිබුණේ ලොව හොදම පන්දු යවන්නාවීම තම සිහිනය බවයි.
මෙහි දෙවැනි ස්ථානය කඩුලු 20ක් දවා ගෙන තිබෙන ඔස්ට්‍රේලියාවේ ඇඩම් සැම්පාත්, තුන්වැනි ස්ථානයේ දකුණු අප්‍රිකාවේ මාර්කෝ ජැන්සන් පසුවන්නේ කඩුලු 17ක් දවා ගනිමින්.