ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක වැඩ සටහනකට එක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝක කුසලානයක් ජය ගන්නා බව පවසනවා.
ඒ සදහා අවැසි ක්‍රීඩකයින් තම පාලන කාළය තුළ නිර්මාණය කළ බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.
ජේෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තමන් කටයුතු නොකළ බව සදහන් කළ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් පසු තමන් එදාට පැමිණ සිය හඩ අවදි කරන බවයි පවසන්නේ.
එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා තමන් ධූරයෙන් ඉවත් කරන තුරු තමන් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත් නොවන බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.