Home Cricket සිංහයින්ගෙන් T 20 ලෝක කුසලානයට ජයග්‍රාහී ඇරඹුමක්

සිංහයින්ගෙන් T 20 ලෝක කුසලානයට ජයග්‍රාහී ඇරඹුමක්

T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගනිමින් අයර්ලන්තයට එරෙහිව තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ R.ප්‍රේමදාස පිටියේ පැවැතුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් ද ලබා ගත්තා.

මෙහිදී කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ද විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 164ක ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්තයට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.

මහීෂ් තීක්ෂණ ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තේය.

මීට අමතරව වනිඳු හරංග ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් අතර,  දුෂ්මන්ත චමීර හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here