කොළඹ හින්දු විද්‍යාලය සහ බත්තරමුල්ල MDH ජයවර්ධන මහා විද්‍යාලය අතර පැවැත්වුණා.
ඒ, මුල්ලිරියාව ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ හින්දු විද්‍යාලයට සිය පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවි ලකුණු 126ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.
අනතුරුව පන්දුවට පහර දුන් බත්තරමුල්ල MDH ජයවර්ධන මහා විද්‍යාලයට සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 28ක් පමණයි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හින්දු විද්‍යාලය නියෝජනය කළ දස හැවිරිදි සෙල්වසේකරන් රිෂියුධන් කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 8ක් බිඳ හෙළුවා.
ඔහු විසින් යොමු කළ පන්දුවාර සංඛ්‍යාව 9.4ක්.