Home Cricket RCB ඉවත දැමු වනිඳු හසරංග මිලදී ගන්න තියුණු සටනක් ද ?

RCB ඉවත දැමු වනිඳු හසරංග මිලදී ගන්න තියුණු සටනක් ද ?

2024 IPL තරගාවලිය සදහා එක්වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉවත් කිරීමට කටයුතු කළා.

වනිඳුට අමතරව RCB කණ්ඩායමෙන් ඔස්ට්‍රේලියාවේ ජෝෂ් හෙසල්වුඩ් ද ඉවත් කරමින් වෙන්දේසිය සදහා ඉදිරි පත් කර තිබෙනවා.

වනිඳු මේවන විට පාදයේ ශල්‍යකර්මයකට මුහුණ දී සුවය ලබමින් සිටින අතර පසුගිය IPL තරගාවලි දෙකේදීම ඔහු නියෝජනය කළේ බැංගලෝර් කණ්ඩායමයි.

වනිදු හසරංග 2022 IPL වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් කෝටි 10.75කට බැංගලෝර් කණ්ඩායම මිලදී ගත්තේ පංජාබ් කිංග්ස් ඇතුළු කණ්ඩායම්වල තියුණු තරගයකින් පසුවයි

ඒ අනුව මෙවර වෙන්දේසියේදී ද වනිඳු හසරංග මිලදී ගන්නට තියුණු සටනක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා.

වනිඳු RCB කණ්ඩායමෙන් ඉවත් කළත්, ඔහුව යළි මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගන්නට බැංගලෝර් කණ්ඩායම බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා.

IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් කණ්ඩායම තුළ රදවා ගත්තා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම භානුක රාජපක්ෂ ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම දසුන් ශානක ද සිය කණ්ඩායම්වලින් ඉවත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here