2024 අබුඩාබි T10 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය අද රාත්රී 9ට ආරම්භ වීමට නියමිතයි.
අවසන් තරගයේදී නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ක්රීඩා කරන නිව් යෝර්ක් ස්ට්රයිකස් කණ්ඩායම සහ නුවන් තුෂාර ක්රීඩා කරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග වදිනවා.
පළමු සුදුසුකම් ලැබීමේ වටයේදී Samp Army කණ්ඩායම ලකුණු 41කින් පරාජය කළ නිව් යෝර්ක් ස්ට්රයිකස් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය.
ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දෙවැනි අවසන් තරගයේදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පරදවා ,සුදුසුකම් ලැබීමේ තුන්වැනි තරගයේදී Samp Army කණ්ඩායම ලකුණු 28කින් පරදා අවසන් තරගයට පිවිසියා.