1999 වසරෙන් පසු සිය එංගලන්තයට එරෙහිව තම මව්බිමේදී එක්දින තරගාවලියක් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණාය.
ඒ තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 4කින් ජය ගෙන තරගාවලිය තරග 2 -1ක් ලෙස ජජයග්රහණය වාර්තා කරමින්.
වර්ෂාව නිසා මෙම තරගයේ ඉනිමක් පන්දුවාර 40කට සීමා විය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 40 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.
Ben Duckett ලකුණු 71ක් ද, Liam Livingstone ලකුණු 45ක් ද ලබා ගත්තේය.
මැතිව් ෆෝර්ඩ් ලකුණු 29කට කඩුලු 3ක් ද,අල්සාරි ජෝසප් ලකුණු 61කට කඩුලු 3ක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 31.4කදී කඩුලු 6ක් දැවී ලකුණු 191ක් ලබා තරගය ජය ගත්තා.
ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඔවුන්ට පන්දුවාර 34කදී ලකුණු 188ක ඉලක්කයක් හිමි වීම නිසයි.
Alick Athanaze ලකුණු 45ක් ද ,Keacy Carty ලකුණු 50ක් ද ලබා ගත්තා.