දකුණු අප්රිකාවේදී මෙම මස 10 වනදා ආරම්භ වන SAT20 ලීග් ක්රිකට් තරගාවලියේ MI කේප්ටවුන් කණ්ඩායම සමඟ ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක නුවන් තුෂාර ගිවිසුම් ගතව තිබේ.
නුවන් තුෂාර 2024 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්රීඩා කිරීමට නියමිතය.
මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන්ට අයිති MI කේප්ටවුන් කණ්ඩායම නුවන් තුෂාර එක්කර ගත් අතර ඔහු සිම්බාබ්වේ T20 තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා සංචිතයට ද නම් කර තිබේ.
නුවන් තුෂාර සිම්බාබ්වේ තරගාවලිය නිමාවීමෙන් පසු MI කේප්ටවුන් කණ්ඩායමට ක්රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.