Home Cricket පොඩි කැන්ගරුවන් යොවුන් ලෝක කුසලානය වසර 14කට පසු දිනා ගනී

පොඩි කැන්ගරුවන් යොවුන් ලෝක කුසලානය වසර 14කට පසු දිනා ගනී

මෙවර යොවුන් ලෝක ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට ඔස්ට්‍රේලියානු වයස 19න් පහළ කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අතිසාර්ථකම රටවන ඉන්දියාව ලකුණු 79කින් පරාජය කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත් වුණා.

හර්ජාස් සිං ලකුණු 55ක් රැස්කළා.
නායක හියුජ් වයිබ්ජොන් ලකුණු 48ක් ද, ඔලිවර් පීක් නොදැවී ලකුණු 46ක් ද හැරී ඩික්සන් ලකුණු 42ක් ද ලබා ගත්තා.

පන්දුයැවීමෙන් රාජ් ලිම්බානි ලකුණු 10කට කඩුලු 3ක් සහ නමන් තිවාරි ලකුණු 63කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 254ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 43.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 174ක් පමණි.

අදර්ෂ් සිං ලකුණු 47ක් ද, මුරුගන් අභිෂේන් රැස්කළ ලකුණු 42ක් ද ලබා ගත්තා.

මාලි බෙයර්ඩ්මන් ලකුණු 15කට කඩුලු 3ක් ද, රෆ් මැක්මිලන් ලකුණු 43කට කඩුලු 3ක් ද දවා ගත්තා.

මේ සමඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වසර 14කට පසු යොවුන් එක්දින ලෝක ශූරතාව දිනාගැනීමට හැකිවිය.

4 වැනි වරට යොවුන් එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියාව මීට පෙර 1988,2002 සහ 2010 වසරේදී ශූරතාව දිනාගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here