ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවාර 48.2 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 266 ක් පමණයි.
Rahmat Shah ලකුණු 65 ක්, Azmatullah Omarzai ලකුණු 54 ක් හා Rahmanullah Gurbaz ලකුණු 48 ක් සමත් වුණා.
ප්රමෝද් මධුෂාන් කඩුලු 3 ක්, අසිත ප්රනාන්දු , දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 35.2කදී කඩුලු 3 ක් දැවී සිටියදී ලකුණු 267ක් ලබා තරගය ජය ගත්තාය.
අවිශ්ක ප්රනාන්ද ලකුණු 91 ක් සහ විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 118 ක් ලබා ගැනීමට සමත් වූ අතර නායක කුසල් මෙන්ඩිස් ලකුණු 40 ක් ලබා ගත්තා.
පැතුම් වාර්තා කළේ සිය 5 වන එක්දින ශතකයයි.
ඒ අනුව තරග 3 කින් සමන්විත වූ එක්දින තරඟාවලිය තරග 3 ට 0 ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.