ශ්රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සඳහා සහභාගී වීමට නියමිත බංග්ලාදේශ ක්රීඩක සංචිත ප්රකාශයට පත් කර තිබෙනවා.
එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරගාවලි සඳහා සහභාගී වන මෙම සංචිත ද්විත්වයම නව නායක Najmul Hossain Shanto විසින් මෙහෙයවීමට නියමිත අතර, හිටපු නායක Shakib Al Hasan මෙම සංචිත ද්විත්වයෙන් ම ඉවතට විසි වී තිබෙනවා.
සිය පෙනීමේ දුර්වලතාවක් නිසා ශ්රී ලංකාව සමඟ තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත බව Shakib විසින් මීට පෙර සඳහන් කර තිබුණා.