2026 T20 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
වසර 2කට ආසන්න කොන්ත්‍රාත්තුවක් සනත් ජයසූරිය හිමිව තිබෙන අතර මෙම පත් කිරීම ඔක්තෝබර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වෙයි.
ඔහු 2026 වසරේ මාර්තු මස 31 වනදා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
සනත් ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ඉන්දියා,එංගලන්ත සහ නවසීලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වු දස්කම් හේතුවෙන් මෙම පත් කිරීම සිදු කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.