Home Cricket ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට තමන් වගකියන්නේ නැහැ – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට තමන් වගකියන්නේ නැහැ – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

Sri Lanka's captain Dasun Shanaka (R) speaks with chief selector Pramodya Wickramasinghe (L) during a practice session at the Suriyawewa Mahinda Rajapaksa International Cricket Stadium in Hambantota on June 6, 2023, ahead of their third one-day international (ODI) cricket matches against Afghanistan. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන්ගේ වගකීම තමන් භාර නොගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.

අදාළ ලිපිය

රොෂාන් රණසිංහ මැතිතුමා,
ගරු අමාත්‍ය
ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය,
කොළඹ-07
 
වර්ෂ 2023.11.03 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මඟින්  ක්‍රිකට් තේරීම් කමිටුවට එරෙහිව නඟන ලද චෝදනා ප්‍රතික්ෂේප කිරීම
 
ගරු ඇමතිතුමනි,
 
ඔබ තුමන්ගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් වර්ෂ 2023.11.03 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතුයි යන මැයෙන් මාධ්‍යයට නිකුත් කරන ලද ඒකපාර්ශ්වික චෝදනාවට අදාළව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වශයෙන් අපගේ අවධානය යොමුවී තිබේ. ඒ සඳහා පිළිතුරු සැපයීම අපගේ වගකීමක් යැයි සිතමු.
මෙහිලා අප කරුණු දක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළව ඉදිරිපත් කොට ඇති චෝදනා සම්බන්දයෙන් පමනක් බව අවධාරණය කළ යුතුය.
ශ්‍රී ලංකා තේරීම් ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වන අප ගරු අමාත්‍යවරයාට, වර්ෂ 1974 සැප්තැම්බර් මස 20 වැනි දින, අංක 130 දරන ගැසට් නිවේදනය මගින් හා 1986 ජනවාරි මස 20 වැනි දින නිකුත් කරන ලද අංක 385/7A ගැසට් නිවේදනය මත පැවරී ඇති බලතල මත පත්කොට ඇති නිල සාමාජිකත්වයක් දරන කමිටුවකි.
 
එවන් සාමාජිකත්වයක නිල ක්‍රියා පිළිවෙත පිලිබඳව අප්‍රසාදයක් හෝ විවේචනයක් වේ නම් එය යොමුකළ යුතු නෛතික හා වෘත්තීයමය ක්‍රමවේදයන් පවතින බව ගරු අමාත්‍යවරයා නොදැන සිටීම අප පුදුමයට පත් කරවන්නකි. එකී සියළු ශීලාචාර ක්‍රමවේදයන් පවතිද්දී  මාධ්‍ය හමුවේ අපට එරෙහිව ඒකපාර්ශ්වික චෝදනාවක් එල්ල කොට ඒ මත අපට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමට කටයුතු කිරීම අප තුළ ඉමහත් කනස්සල්ක් ඇති කොට තිබේ.
 
අප විශ්වාස කරන්නේ මෙම චෝදනාවන් හුදු තවත් ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත්ම වෘත්තීය භාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව  අපවෙත යොමු කරන ලද චෝදනාවක් නොවන බවයි.
 
පළමුව කිව යුත්තේ ඔබගේ අණින් නිකුත්වු මාධ්‍ය නිවේදනය තුල ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළව සඳහන් කොට ඇති කරුණු අසත්‍ය හා අර්ධ සත්‍යයන් මත ගොඩනැගු අවිද්‍යාත්මක තර්කනයන් සහිත අභූත චෝදනාවන්ගෙන් සමන්විත වන බවයි.
 
අදාළ නිවේදන‍යෙන් පැවසන්නේ ක්‍රිකට් පරාජයන්හි වගකීම වසර 4 පුරා තේරිම් කටයුතු සිදුකළ තේරීම් කමිටුව භාරගත යුතු බවයි. නමුත් ඔබතුමන්ගේ අමාත්‍යංශය සතු නිල වාර්තා නිසි ලෙස පරිශීලනය කළහොත් වැටහෙනු ඇත්තේ වර්තමාන කමිටුව පත් කොට ගතවී ඇත්තේ වසර දෙකහමාරක් පමණක් බවය.
එසේම එම මාධ්‍ය නිවේදනයේ අවධාරණය නොවන අතිශය වැදගත් කරුණ වන්නේ වර්තමාන තේරීම් කමිටුව පත් කිරීමට පෙරාතුව අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙමින් සිටි ඛේදනීය තත්වය පිලිබඳව ක්‍රීඩා ඇමති වරයාට ඇති නොවැටහීමයි.
ඒ අතීතය ඔබට සිහිපත්කරදීම මේ මොහොතේ අපගේ යුතුකමක් ලෙස සිතමු. ඒ අනුව 2017 අගෝස්තු මස 20 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 9කින් පරාජය වූ විට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කණ්ඩායමට ක්‍රීඩාංගණයෙන් පිටතට යෑමටද නොදී හූ කිව්වා ඔබට මතකද? එය එක් පරාජයක් නිසා සිදුවූවක් නොව පරාජයන් රැල්ලක  ජනතා වේදනාව පුපුරායැමක් විය. ඉන්දියාව සමග පැවැති එම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අප රටේදීම අප සිම්බාබ්වේ සමග එක්දින තරගාවලිය පැරදුණා ඔබට මතකද? තරග අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩාය‍ම් දිගින් දිගටම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හමුවේ මීළඟ පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජු සුදුසුකම් අහිමිවූ බව ඔබට මතකද? තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් දෙවැනි පෙළක් නිර්මානය කර නොතිබූ යුගය ඔබට අමතකද?   ක්‍රීඩකයන් පමණක් නොව තේරීම් කමිටුවටද තරග පාවාදීමේ චෝදනා එල්ලවෙමින් ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රාජ්‍යය ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී විමර්ශන කමිටුව විසින් ප්‍රකාශ කරනු ලැබූ බව ඔබට අමතකද? එදා ඒ චෝදනා එල්ලවූ සමහරෙක් මේ අවස්ථාවේදී ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබේ අනුශාසකයන් ලෙසින් කටයුතු කරන බව ඔබ පිළිගන්නවාද?
 
 
ඔබතුමන් විසින් අමතක කොට ඇති යථාර්ථය වන්නේ එවැනි ව්‍යාකූල තැනකට වැටී තිබූ අපගේ ක්‍රිකට් ක්‍රීඩාව, පසුගිය වසර දෙක හමාරක කාල වකවානුව තුළ වර්ථමාන තේරීම් කමිටුවද මැදිහත්වනු ලැබු සාමුහික ක්‍රියාත්මකවීමක් මගින්, එකී කණගාටුදායක තත්වය පරාජය කරමින් අත්කර දුන් ප්‍රගතිය කෙසේ වීද යන්නයි.
 
ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹා වියෝවන යුගයක සිට අප නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව බලාපොරොත්තුවක් ඇති කරවන තැනට කටයුතු කළේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here