ඔස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩිකාවන් ඔලිම්පික් ඉතිහාසයට…

117
0

ඔලිම්පික් ක්‍රීඩා උලෙළක කාන්තා සත් සාමාජික රග්බි රන් පදක්කම දිනා ගත් පලමු රට බවට පත් වන්නට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුනා.

ඒ අවසන් තරගයේදී නවසීලන්ත කන්ඩායම ලකුණු 24 – 17ක් ලෙස පරාජය කරමින්. තරගයේ පලමු අර්ධයේදී කන්ඩායම් දෙකම කරට කර සටනක නිරත වුනත් දෙවන අර්ධයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ප්‍රවේගකාරී තරග රටාවක් අනුගමනය කලා.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ ඔවුන්ට කාන්තා සත් සාමාජික රග්බි රන් පදක්කම සිය ගෙල පැලදීමට හැකි වීමයි. ලෝකඩ පදක්කම දිනා ගත්තේ මහා බ්‍රිතාන්‍යය ලකුණු 31 – 10ක් ලෙස පරාජය කල කැනඩාවයි.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළකට කාන්තා සත් සාමාජික රග්බි තරග ඉසව්ව පලමු වරට අතුලත් වුනේ මෙවර රියෝ ඔලිම්පික් උලෙළට වීම විශේශත්වයක්.

Comments

comments

SHARE