Home Cricket ටෙස්ට් ගැහුවොත් මල්ල කරේ

ටෙස්ට් ගැහුවොත් මල්ල කරේ

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබා දීමේ අරමුණෙන් එම ක්‍රීඩකයන් සඳහා ලබාදෙන ගෙවීම් සියයට 100කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකෙරෙනු ඇත.

ඒ අනුව තරග ජයග්‍රහණයකදී ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයක් සඳහා අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමි වීමට නියමිත වේ. ශ්‍රී ලංකා මුදලින් එම අගය රුපියල් ලක්ෂ 44කට ආසන්න වේ. ජය පරදුමෙන් තොරව අවසන් වන තරගයක ක්‍රීඩකයකුට ඩොලර් 12000 කි.

එමෙන්ම තරග පරාජයකදී ක්‍රීඩකයකුට ඩොලර් 10000 ක් හිමිවන ආකාරයට නව ගෙවීම් වැඩි කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here