වැන් නීකර්ක් වසර 17ක් පැරණි වාර්තාවක් බිඳහෙලයි ….

3858
0

ඇමරිකාවේ මයිකල් ජොන්සන් 1999වසරේදී පිහිටවූ පිරිමි මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කරන්නට දකුණු අප්‍රිකාවේ වේඩ් වෑන් නීකර්ක් සමත් වුණා.

ඒ රියෝ ඔලිම්පික් උළෙලේ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

8වන මං තීරුවේ තරග වැදුණු නීකර්ක් ඉසව්ව අවසන් කරන්නට තත්ත්පර 43.03ක කාලයක් ගත කළා.

මුල සිටම තරගයේ පෙරමුණ ගෙන සිටි ඔහු අවසන් මීටර් 100 තුළ විශිෂ්ට ධාවනයක නිරතවුණේ පැරණි ලෝක වාර්තාව තත්ත්පර දශම 46කින් අභිබවා යමින්.

ග්‍රෙනේඩාවේ කිරානි ජේම්ස් මෙම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ තත්ත්පර 43.76ක කාලයක් සමගින්.

ඇමරිකාවේ ලශෝන් මෙරිට් ලෝකඩ පදක්කම සඳහා තත්ත්පර 43.85ක කාලයක් වාර්තා කළා.

Comments

comments

SHARE