කොළඹ ආනන්ද කණ්ඩායම සහ නාලන්දා කණ්ඩායම අතර එස්.එස්.සී. පිටියේදී පැවැති 47 වැනි වාර්ෂික එක්දින තරගයේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ආනන්ද ක්රීඩකයෝ සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නාලන්දා කණ්ඩායම නියමිත පන්දුවා 50 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ අතර ආනන්ද විදුහල් ක්රීඩකයෝ පන්දුවාර 43.1 කදී කඩුලු පහක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර ගියා.
දිනාද අතලගේ පන්දු 84 කින් ලකුණු 70ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වුණා.