T20 ලෝක කුසලානයකදී කණ්ඩායම් වාර්තා කළ අඩුම ලකුණු ගණන ලෙසින් උගන්ඩාව ලකුණු 39කට දවා ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
2014 බංග්ලාදේශයේදී පැවැති T20 ලෝක කුසලානයේදී ශ්රී ලංකා කණ්ඩායම විසින් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39කට දවා ගනිමින් මෙම වාර්තා වසර 10ක් සතුකර ගෙන සිටියාය.
මෙම තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 134ක ජයක් කොදෙව්වන් වාර්ථා කළාය.