Home Cricket ඉන්දු – ශ්‍රී ලංකා එක්දින සටනේ ලකුණු සමවීමේ ඉතිහාසය

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින සටනේ ලකුණු සමවීමේ ඉතිහාසය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු සමවීමෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.

පැතුම් නිස්සංක ලකුණු 56ක් ද, දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 47.5කදී කඩුලු 10ම දැවී ලකුණු 230ක් ලබා ගත්තා.

රෝහිත් ශර්මා ලකුණු 58යි.

චරිත් අසලංක ලකුණු 30කට කඩුලු 3ක් ද, වනිඳු හසරංග ලකුණු 58කට කඩුලු 3ක් ද දවා ගත්තා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 39කට කඩුලු 2යි.

2012 ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගයක් ලකුණු සමවීමෙන් පසු යළි මෙම තරගයේදී ලකුණු සමවිය.

එක්දින පිටියේ ලකුණු සම වූ 44 වැනි තරගය ද මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here