එංගලන්ත වීසා පමාව හේතුවෙන් ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට නම් කර සිටින කමිඳු මෙන්ඩිස්ට සහ ජෙෆ්රි වැන්ඩර්සේට එංගලන්තය බලා පිටත්ව යන්නට නොහැකි වී තිබේ.
අදාළ ගැටලුව නිසා ඔවුන් තවමත් දිවයිනේ රැදී සිටින අතර, එංගලන්ත තරග සංචාරයේදී ශ්රී ලංකා කණ්ඩායම මේවන විට පෙර පුහුණුවීම් ද ආරම්භ කර තිබෙනවා.
ශ්රී ලංකා – එංගලන්ත තරග 3කින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය මෙම මස 21වැනිදා ආරම්භ වීමට නියමිතය.