එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් කාසියේ වාසිය තම වාසියට හරවා ගනිමින් පළමු දිනයේ වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූහ.
කෙසේ වෙතත් සටන්කාමී ක්‍රීඩාවක නිරත වූ ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236 දක්වා ඉදිරියට ඔසවා තැබීමට සමත් වූහ.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත පිල ඕවර 4කදී කිසිවකු නොදැවී ලකුණු 22ක් රැස් කර තිබිණි.
ඒ අනුව කඩුලු 10ම අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 214ක් පසුපසින් සිටිති.
සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා ලකුණු 74ක් ලබා ගත්තා.
සිය මංගල ටෙස්ට් තරගයේදීම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ මිලාන් දැවී යන විට පන්දු 135කින් ලකුණු 72ක් රැස් කර තිබුණේ හතරේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමඟිනි.
මංගල ටෙස්ට් තරගයේදී අංක 9 ස්ථානයෙන් පිටියට පිවිසි පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.
මින් පෙර ඉන්දියාවේ බල්වින්දර් සන්ධු පාකිස්තානයට එරෙහිව රැස් කළ ලකුණු 71ක අංක 9 ලෙස පිටියට පිවිසි පිතිකරුවකු මංගල ඉනිමේදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ ෂොයිබ් බෂීර් කඩුලු 3ක් බැගින් බිඳ දැමූවා.