තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් වී වසර තුනක ක්‍රීඩා තහනමකට ලක් වූ පළමු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා බවට නිරෝෂන් දික්වැල්ල පත්ව තිබේ.
නිරෝෂන් දික්වැල්ල 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් භාවිත කර ඇති බව පරීක්ෂාවකදී අනාවරණය විය.
ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් ජූලි 14 වැනි දින පවත්වන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස කඩිනම් විනය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.
තහනම් උත්තේජක විරෝධී ත්‍රිපුද්ගල විනය කමිටුව විසින් දුන් තීරණයෙන් පසුව, 2024 අගෝස්තු 13 සිට ක්‍රියාත්මක වන පරිදි වසර 3ක ක්‍රිකට් තහනම ක්‍රියාත්මක වෙයි.