සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව නවසීලන්තයට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.
මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් ද සැක් ෆෝක්ස් නොදැවි රැස්කළ ලකුණු 27ක් ද ලබා ගත්තේය.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ට කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ අතරේ කඩුලු දෙක බැගින් බෙඳී ගියේය.
ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 140ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.
චරිත් අසලංක නොදැවී ලකුණු 35යි.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 23ක් ලබා ගැනිමත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20 ලකුණු රැසකළ පිතිකරු බවට පත්විය.
ඔහු අභිබවා ගියේ හිටපු නායක තිලකරත්ත ඩිල්ෂාන්.
තරග දෙකකින් සමන්විත T20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.