Home Cricket පළමු ටෙස්ට් තරගයෙන් සිංහයින්ට දරුණු පරාජයක් 

පළමු ටෙස්ට් තරගයෙන් සිංහයින්ට දරුණු පරාජයක් 

දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 233ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.

ඩර්බන්හිදී පැවැති මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 191ක් ලබා ගත්තේය.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවුණේ ලකුණු 42ක් පමණක් වන අතර දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 366ක් ලබා ඉනිම නතර කළාය.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට ලකුණු 516ක ඉලක්කයක් ලැබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 282ක් පමණි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 83ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 59ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 48ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

Leave a reply

  • Facebook Comments