Home Cricket දකුණු අප්‍රිකා ටෙස්ට් පරජයෙන් පසු ලෝක ශුරතාවය ශ්‍රී ලංකාවේ ඉවර ද ?

දකුණු අප්‍රිකා ටෙස්ට් පරජයෙන් පසු ලෝක ශුරතාවය ශ්‍රී ලංකාවේ ඉවර ද ?

දකුණු අප්‍රිකාව සමග දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 109ක පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ද තරග 2-0ක් ලෙස පරාජය විය.

මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 238ක් පමණි.

මෙම පරාජයත් සමග ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවයේ ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම 4වන තැන පසුවනවාය.

නමුත් ඔවුන්ගේ ජයග්‍රාහි ප්‍රතිශතය අඩු වී 45.45%ක් දවා පහත බැස තිබේ.

පාකිස්ථානය සමග දකුණු අප්‍රිකාවට ඉතිරිව තිබෙන ටෙස්ට් තරග දෙකෙන් 1 තරගයක් දකුණු අප්‍රිකාව ජයගතහොත් ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවාය.

එම තරග දෙකම දකුණු අප්‍රිකාව පරාජය වී ඉන්දු – ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ තීරණයන් මත හා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරග දෙක ජයගතහොත් ,අවසන් තරගයට පිවිසීමට සියුම් අවස්ථාවක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here