Home Cricket ශීතල සහ සුළඟ හේතුවෙන් පිතිකරුවන් අසාර්ථක වුණා ද ?

ශීතල සහ සුළඟ හේතුවෙන් පිතිකරුවන් අසාර්ථක වුණා ද ?

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගය කඩුලු 9කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56ක් සහ ජනිත් ලියනගේ ලකුණු 36ක් ලබා ගත්තේය.

වනිඳු හසරංග ලකුණු 35 ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 22 ක් බැගින් ලබා ගැනීමට සමත්විය.

මැට් හෙන්රි දලකුණු 19කට කඩුළු 4 ක් දවා ගත්තා.

ලකුණු 178ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26.2කදී එක් කඩුල්ලක් දැවි ලකුණු 180ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

විල් යංග් නොදැවී ලකුණු 90ක් සහ රචීන් රවින්ද්‍ර ලකුණු 45ක් ලබා ගත්තා.

ඒ අනුව තරග 3කින් සමන්වි එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණ ගත්තේය.

වෙලිංටන්හිදී බේසින් රිසව් ක්‍රීඩා පිටියේ දැඩි ශීතල කාළගුණය සහ වේගවත් සුළඟ නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි වූ බව නායක චරිත් අසලංක පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here