වයස අවුරුදු 19න් පහළ කාන්තා T 20 ලෝක කුසලානය මැලේසියාවේදී පැවැත්වෙනවාය.
ශ්‍රී ලංකා වයස 19න් පහළ කාන්තා කණ්ඩායම මැලේසියාව සමග පළමු තරගයට පිවිසුණු අතර මෙම තරගයෙන් ලකුණු 139ක ජය ලැබීමට සමත් විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.
සංජනා කාවින්දී ලකුණු 30ක් සහ දහමි සනෙත්මා ලකුණු 55ක් ද හා හිරුනි කුමාරි නොදැවී ලකුණු 28ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියානු යොවුන් කාන්තා කණ්ඩායමට පන්දුවාර 14.1කදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 23ක් පමණි.
චමෝදි ප්‍රබෝදා ලකුණු 5කට කඩුලු 3ක් ද,මනුදි නානායක්කාර ලකුණු 8කට කඩුලු 2ක් හා ලිමන්සා තිලකරත්න ලකුණු 3කට කඩුලු 2ක් දවා ගත්තේය.
මැලේසියාව ලකුණු 23කට දවා ගත් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම යොවුන් කාන්තා T20 ලෝක කුසලානයේදී කණ්ඩායම ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පිහිටුවිය.