Home Cricket ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අද 

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අද 

වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට මෙම තරගය ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා සංචිතයට දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබේ. 

ආබාධයට ලක්ව සුවය ලද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මීට අමතරව විශ්ව ප්‍රනාන්දු හා ලහිරු උදාර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා එක් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පළමු ටෙස්ට් තරගය ජය ගත් ඔස්ට්‍රේලියාව තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here