Home Cricket ශ්‍රී ලංකාවේදී වසර 14කට කැන්ගරුවන්ට ටෙස්ට් තරගාවලි ජයක්

ශ්‍රී ලංකාවේදී වසර 14කට කැන්ගරුවන්ට ටෙස්ට් තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව සමග පැවැති 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජය ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලිය ද තරග 2-0ක් ලෙස ජය ගත්තේය.

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ 2011 වසරෙන් පසුවය.

මෙම තරගයෙන් පසු දිමුත් කරුණාරත්න ද ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගත්තේය.

ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 257ක් ද ඔස්ට්‍රේලියාව ප්‍රථම ඉනිමට ලකුණු 414ක් ද ලබා ගන්නට සමත් වුණා.

ශ්‍රි ලංකාව දෙවන ඉනිමට ලකුණු 231ක් ලබා ගත් අතර ජයග්‍රහණයට හිමි වූ ලකුණු 75ක ඉලක්කයකය ඔස්ට්‍රේලියාව 1 කඩුල්ලක් බිඳ වැටි සපුරා ගනිමින් තරගය ජය ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here