Home Athletics ආසියානු මලල ක්‍රීඩා ශූරතාවට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නම් කෙරේ

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නම් කෙරේ

දකුණු කොරියාවේදී පැවැත්වෙන 26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා. 

මැයි මස 27 සිට 31 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 13ක් සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම 

යුපුන් අබේකෝන් – මීටර් 100 , මීටර් 200, මීටර් 100 සහය

චමෝද් යෝධසිංහ – මීටර් 100 , මීටර් 100 සහය

කාලිංග කුමාරගේ – මීටර් 200, මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

අරුණ දර්ශන – මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

ලෙසදු අර්තවිදු – උසපැනීම

සුමේධ රණසිංහ – හෙල්ල විසිකිරීම

රුමේෂ් තරංග – හෙල්ල විසිකිරීම

මෙරෝන් විජේසිංහ – මීටර් 100 සහය

දිනෙත් වීරරත්න – මීටර් 100 සහය

චමෝද් දිසානායක – මීටර් 100 සහය

සදෙව් රාජකරුණා – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

කල්හාර ඉන්දූප – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

ඔමෙල් සසින්ත සිල්වා – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

කාන්තා කණ්ඩායම 

රසාරා විජේසූරිය – මීටර් 5000, මීටර් 10000

දිල්හානි ලේකම්ගේ – හෙල්ල විසිකිරීම

නිෂේන්ද්‍රා ද සිල්වා – මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය 

නදීෂා රාමනායක – මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය 

සයුරි මෙන්ඩිස් – මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය 

ජයේෂි උත්තරා – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය 

ජිත්මා විජේතුංග – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here