Home Cricket ICC ටෙස්ට් ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට 

ICC ටෙස්ට් ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට 

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් විය.

ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.

ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 282ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒඩන් මාක්‍රම් ලකුණු 136ක් රැස්කර ගත්තේ දකුණු අප්‍රිකා ජයග්‍රහණයට ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ ටෙම්බා බවුමා ලකුණු 66ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේය.

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 212ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි ඉනිම ලකුණු 207යි.

ඒ අනුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 282ක ඉලක්කයක් හිමිවිය.

දකුණු අප්‍රිකාව 1998 වසරේ පැවති පළමු ශූරයන්ගේ කුසලානයේ ශූරතාව දිනාගැනීමට සමත් වූ අතර, එතැන් සිට මේ දක්වා වසර 27ක කාලය දිනූ පළමු ICC ශූරතාව ද මෙය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here