Home Cricket එංගලන්තය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාවේ මීලඟ අභියෝගය

එංගලන්තය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාවේ මීලඟ අභියෝගය

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායම හා පැවතුණු තරගය ලකුණු 89කින් පරාජය විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ ලද දෙවන පරාජය මෙය වෙයි.

මීට පෙර ඉන්දියාවට හමුවේදී ද පරාජය විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 253ක් ලබා ගත්තේය.

එංගලන්ත නායිකා නැට් ස්වර් බ්‍රන්ට් ලකුණු 117ක් රැස්කළහ.

ඉනෝකා රණවීර ලකුණු 33කට කඩුලු 3ක් හා උදේෂිකා ප්‍රබෝධනී සහ සුගන්දිකා කුමාරි කඩුලු 2ක බැගින් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 45.4කදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 164ක් පමණයි. 

හසිනි පෙරේරා ලකුණු 35ක් ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක් ද ලබා ගත්තේය.

ආබාධයක් සමග ක්‍රීඩා කළ චමරි අතපත්තු ලකුණු 15කට දැවී ගියා.

සොෆී එක්ල්ස්ටෝන් ලකුණු 17කට කඩුලු 3යි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන අඟහරුවාදා නවසීලන්තය හා සමග කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here