Home Cricket ජනවාරියේ ලංකාවට එන පාකිස්ථාන කණ්ඩායම 

ජනවාරියේ ලංකාවට එන පාකිස්ථාන කණ්ඩායම 

T 20 ලෝක කුසලානයට පෙර පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරග 3කින් යුත් T20 තරගාවලියට එක්වීමේ අරමුණින් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙම තරග 3 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පළමු තරගය ජනවාරි මස 7, දෙවන තරග ජනවාරි මස 9 හා තුන්වැනි T 20 තරගය ජනවාරි මස 11 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

2026 T20 ලෝක කුසලානයේ පාකිස්ථානය සහභාගි වන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here