Home Cricket එංගලන්තය T 20 තරගාවලිය ජය ගනී

එංගලන්තය T 20 තරගාවලිය ජය ගනී

Screenshot

සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවන T 20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කිරීමට සමත් විය.

පැතුම් නිස්සංක ලකුණු 34ක් ද, කමිල් මිශාර ලකුණු 36ක් ද,කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් හා පවන් රත්නායක ලකුණු 40ක් ද ලබා ගත්තේය.

එංගලන්ත පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 17කදී ලකුණු 168ක ඉලක්කයක් හිමි විය.

ඒ අනුව කඩුලු 4ක් දැවී තිබියදී පන්දුවාර 16.4කදී තරගය ජය ගන්නට එංගලන්තයට හැකිවුණා.

ටොම් බැන්ටන් ලකුණු 54ක් සහ නායක හැරී බෲක් ලකුණු 36ක් රැස්කළා. 

ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය සැලකෙන්නේ එංගලන්තය හමුවේ අඛණ්ඩව ලැබූ 10 වැනි T20 තරග පරාජය ලෙසටයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here