Home Cricket ඉන්දියාව සමග T 20 ලෝක කුසලානයේදී ක්‍රීඩා කිරීම පාකිස්ථානය වර්ජනය කරයි

ඉන්දියාව සමග T 20 ලෝක කුසලානයේදී ක්‍රීඩා කිරීම පාකිස්ථානය වර්ජනය කරයි

එළැඹෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා පාකිස්ථාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්ථානු රජය නිල වශයෙන් නිවේදනය කළේය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ පෙබරවාරි මස 15වනදා ඉන්දියාවට එරෙහිව කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගය පාකිස්ථාන කණ්ඩායම ක්‍රීඩා නොකර බව එහි දැක්වේ.

පාකිස්ථානය, ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ අමෙරිකාව මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබයි.

මෙම තීරණයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ප්‍රතිචාර දක්වා තිබේ.

ICCය නිවේදනය කළේ පාකිස්ථානය ගත් මෙම තීරණය ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් එල්ල කරන බවයි.

සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

එම ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුවහොත් පාකිස්ථානයට පූර්ණ ක්‍රිකට් තහනමකට පවා මුහුණ දීමේ අවධානමක් ද මතුව තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here