Home Cricket සිංහ – කැන්ගරු T 20 ලෝක කුසලානයේ තරගය අද – කුසල් සහ...

සිංහ – කැන්ගරු T 20 ලෝක කුසලානයේ තරගය අද – කුසල් සහ චරිත් කණ්ඩායමට ? 

2026 T 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද රාත්‍රි 7.00ට ආරම්භවෙයි.

අයර්ලන්තය සහ ඕමානය පරාජය කරමින් B කාණ්ඩයේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

අද තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නවා.

ඔස්ට්‍රේලියාව සමග තරගයට කුසල් ජනිත් පෙරේරා සහ චරිත් අසලංක කැඳවීමට ද ඉඩ තිබෙනවා.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම 

1.පැතුම් නිස්සංක 

2.කුසල් ජනිත් පෙරේරා 

3.කුසල් මෙන්ඩිස් 

4.පවන් රත්නායක 

5.කමිඳු මෙන්ඩිස් 

6.දසුන් ශානක

7.චරිත් අසලංක 

8.දුනිත් වෙල්ලාලගේ 

9.මහීෂ් තීක්ෂණ 

10.මතීෂ පතිරණ 

11.දුෂ්මන්ත චමීර 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here