Home Cricket ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය මෙවරත් ජය පරාජයෙන් තොරයි 

ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය මෙවරත් ජය පරාජයෙන් තොරයි 

Screenshot

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය අතර 96 වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විදුහල පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 353ක් රැස්කර ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නෙතුළ එදිරිමාන්න ලකුණු 165යි.

නාලන්දා විදුහල සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 424ක් රැස්කර ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.

නෙමිඳු අක්මීමන ලකුණු 142යි.

සිය දෙවන ඉනිම ඇරඹූ ආනන්ද විදුහල කඩුලු 6කට ලකුණු 170ක් රැස්කර නාලන්දා විදුහලට ලකුණු 100ක ඉලක්කයක් ලබාදුන්නේය.

දිනය නිමාවන විට නාලන්දා විදුහල කිසිවෙකුත් නොදැවී ලකුණු 8ක් රැස්කරගෙන සිටියේය.

මෙය ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here