Home Cricket 2026 LPL ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට ඇරඹෙයි 

2026 LPL ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට ඇරඹෙයි 

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ, ලබන 18 වෙනිදා දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකි බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා ලියාපදිංචිවීමේ අවස්ථාව විවෘතව පවතිනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට සැලැසුම් කර තිබේ.

ඒ අනුව කොළඹ එස්.එස්.සී සහ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ හා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ද තරග සඳහා සත්කාරකත්වය සපයනු ලබයි.

තරගාවලිය ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here