Home Cricket සිංහයින් T 20 තරගාවලිය පරාජය වෙයි 

සිංහයින් T 20 තරගාවලිය පරාජය වෙයි 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් T 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ තුන්වන සහ අවසන් T 20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 169ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු 28කදී ලකුණු 43ක් රැස් කළේය. 

පන්දු යැවීමේදී ශමාර් ජෝසප් ලකුණු 33කට කඩුලු 5ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් වැය කර ලකුණු 170ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය. 

Sherfane Rutherford පන්දු 40කදී ලකුණු 54ක් රැස් කළා.

වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here