Home Cricket වෛභව් සූර්යවංශි වාර්තා පොත අලුත් කරමින් තුන්කොන් සටනේ ජය ඉන්දියාවට 

වෛභව් සූර්යවංශි වාර්තා පොත අලුත් කරමින් තුන්කොන් සටනේ ජය ඉන්දියාවට 

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ‘A’ කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 377ක් රැස්කිරීමට සමත් විය.

වෛභව් සූර්යවංශි පන්දු 11කින් අර්ධ ශතකය ලබා ගනිමින් ලොව වේගවත්ම A තරගයක ලබා ගත් අර්ධ ශතකයට හිමිකම් කියන්නට සමත් වුණා.

ඔහු පන්දු 29කින් ලකුණු 94 ක් ලබා ගත්තේය.

දඹුල්ලේදී පැවති අවසන් මහා තරගයේ ඉන්දීය A කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 378ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායමට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 311ක් පමණි.

සදීර සමරවික්‍රම ලකුණු 52ක් සහ  වනුජ සහන් ලකුණු 62ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා, ඉන්දීය හා ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ක්‍රියාත්මක විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here