2026 ලංකා ප්‍රිමියර් ලීග් T 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්ය.
කොළඹ R.ප්‍රේමදාස පිටියේදී පැවැතුණු මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.3කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 123ක් පමණි.

කමිල් මිශාර ලකුණු 41ක් හා චමිඳු වික්‍රමසිංහ ලකුණු 24ක් ලබා ගත්තේය.
චරිත් අසලංක ලකුණු 20කට කඩුලු 3ක් හා එෂාන් මාලිංග ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 15.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 126ක් ලබා තරගය ජය ගත්තේය.
තෝමස් රොජර්ස් ලකුණු 34ක් සහ දිනුර කළුපහන ලකුණු 31ක් ලබා ගන්නට සමත් විය.
තරගයේ වීරයා චරිත් අසලංක , තරගාවලියේ වීරයා ලෙස කමිල් මිශාර සම්මාන දිනා ගත්තේය.




